අයර්ලන්තයට කඩුලු 5ක ජයක්

අයර්ලන්තයට කඩුලු 5ක ජයක්

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ක්‍රිකට් ලීග් තරග මාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් කැනඩාව කඩුලු 5 කින් පරාජය කිරීමට පසුගිය වසරේ සූරතාව දිනූ අයර්ලන්තය සමත් විය.

කැනඩා පිල ලකුණු 154 කට සීමා කළ අයර්ලන්තය තරගයේ ජය හිමි කරගනු ලැබුවේ ඕවර 10 ක් ඉතිරිව තිබියදීය. මේ වනවිට සහභාගි වූ තරග 4 ම ජය ගත් අයර්ලන්තය ප්‍රසාද ලකුණු 8 ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවන අතර තරග 3 ක් ජයගත් ස්කොට්ලන්තය දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඇෆ්ගනිස්ථානය තුන්වැනි ස්ථානය ද නෙදර්ලන්තයට සිවුවැනි ස්ථානයද හිමි වී ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා