23න් පහළ ක්‍රිකට් තරග 6ක් අද ඇරැඹේ

23න් පහළ ක්‍රිකට් තරග 6ක් අද ඇරැඹේ

අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගමාලාවේ පළමු කොටසේ දෙවැනි සතියේ තරග වටය අද (9) ආරම්භ වේ. තුන් දින තරගමාලාවක් ලෙස පවත්වනු ලබන මේ තරගමාලාවේ පළමු සතියේ තරග වටයේදී ජයග්‍රහණය හිමිකර ගනිමින් “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වූ බ්ලූම්ෆීල්ඩ් පිල, ඒ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන හලාවත මේරියන්ස් කණ්ඩායම සමග අද බ්ලූම්ෆීල්ඩ් පිටියේදී තරග වැදීමට නියමිතය. බී. ආර්. සී. පිල සහ මුවර්ස් පිල අතර තරගයද අද බී. ආර්. සී. පිටියේදී ආරම්භ වේ.

පසුගිය සතියේදී ජයග්‍රහණය අත්කර ගත් රාගම ක්‍රිකට් සමාජය කෝල්ට්ස් පිටියේදී කෝල්ට්ස් කණ්ඩායම සමග අද තරග වදින අතර මොරටුව පිල සහ සීදුව රද්දොළුගම ක්‍රිකට් සමාජය අතර තරගය මොරටුවේදී ඇරැඹේ. එස්. එස්. සී පිල සහ සී. සී. සී. පිල එස්. එස්. සී. පිටියේදී තරග වදින අතර නාවික හමුදාව වැලිසර නාවික හමුදා පිටියේදී එන්. සී. සී. කණ්ඩායම සමග තරග වදිති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා