මධ්‍යම මලල ක්‍රීඩා සූරතාව වලල රත්නායක විදුහලට

මධ්‍යම මලල ක්‍රීඩා සූරතාව වලල රත්නායක විදුහලට

මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ බාලක සහ බාලිකා කණ්ඩයම් සූරතා දෙකම වලල ඒ රත්නායක විදුහල දිනාගත් අතර කනිෂ්ඨ බාලක කණ්ඩායම් සූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල දිනාගත් අතර කනිෂ්ඨ බාලිකා කණ්ඩායම් සූරතාව මහනුවර මහ මායා බාලිකා විදුහල දිනාගත්තේය.

දින 4 පුරා පැවති මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානය අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ. ඇම්. තිලකරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තරගාවලිය බෝගම්බර ක්‍රීඩා පිටියේදී පසුගියදා අවසන්විනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා