අනවසර රූපවාහිනී සේවයක් කල්මුණෙන් අල්ලයි

අනවසර රූපවාහිනී සේවයක් කල්මුණෙන් අල්ලයි

කල්මුණේ මඩච්චේන ප්‍රදේශයේ දී අනවසර රූපවාහිනී සේවයක් පවත්වාගෙන ගිය අයෙකු ඊයේ (20) රාත්‍රීයේ දී කල්මුණේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ රූපවාහිනී සේවාව දෙමළ බසින් විකාශය කර ඇති අතර වර්ග කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශයක් එමඟින් ආවරණය කර ඇත. කල්මුණේ සවිමන්තුරේ, චවලකඩේ යන ප්‍රදේශ එය විකාශය කළ ප්‍රදේශ වේ. මේ රූපවාහිනී සේවය මඟින් වැඩිපුරම විකාශය කර ඇත්තේ ඉන්දියානු චිත්‍රපට කාටුන් වැඩසටහන් සහ ළමා අපයෝජන දර්ශන මෙන්ම ප්‍රචණ්ඩත්වය ඉස්මතු කෙරෙන දර්ශන බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මේ රූපවාහිනී සේවාව බැලීමට වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ පාසල් යන වයසේ ළමුන් බව ළමා ආරක්ෂණ අධිකාරිය පැවැසීය. ළමා ආරක්ෂන අධිකාරිය විසින් අම්පාර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මේ වැටලීම සිදුකර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා