‘අන්තරය’ සරසවි වැසීමට කුමන්ත්‍රණ කරනවා

‘අන්තරය’ සරසවි වැසීමට කුමන්ත්‍රණ කරනවා

රුහුණු විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිසුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කොට සරසවි පද්ධතියම අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව රුහුණු සරසවි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

එහි එක් පියවරක් ලෙස රුහුණු සරසවියේ උප කුලපතිවරයාට, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයාට හා සිසුන්ට පහරදීම පෙන්වාදිය හැකි බවද එම ශිෂ්‍ය සංගමය “දිනමිණ”ට පැවසීය. මේ වන විට සරසවි පද්ධති තුළ ඇතිව තිබෙන නොසන්සුන් තත්ත්වයේ සියලු වගකීම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය බාරගත යුතු යැයි ද විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා