රුහුණු සරසවි ඇදුරෝ විරෝධය පා වැඩ වරති

රුහුණු සරසවි ඇදුරෝ විරෝධය පා වැඩ වරති

කලහකාරීව හැසිරුණු සිසුන් පිරිසක් රුහුණු සරසවියේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතාට පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට විරෝධය පා එම සරසවියේ පීඨ හතේ සියලුම ඇදුරෝ ඊයේ (20) දහවල් 12.00 සිට වැඩ වර්ජනයක නිරත වූහ. වෛද්‍ය පීඨය ඉංජිනේරු පීඨය, කෘෂිකර්ම පීඨය, මානව ශාස්ත්‍ර පීඨය, විද්‍යා පීඨය හා කළමණාකරණ මූල්‍ය පීඨය යන පීඨ හතේ මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

මෙසේ ඇරැඹුණු වැඩ වර්ජනය සවස 4.30ට අවසන් වූ අතර පීඨ හතේම පීඨාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රය තුළ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහි දී මහාචාර්ය සුමනසිරි වාව්වගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් ද පත් කිරීමට තීන්දු ගැණින. දැනට විශ්ව විද්‍යාල භූමිය අවට මාතර පොලිසිය අරක්ෂාව තර කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා