ගුවන් විදුලියේ ගාමිණීගෙන් නව ගිනස් වාර්තාවක්

ගුවන් විදුලියේ ගාමිණීගෙන් නව ගිනස් වාර්තාවක්

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වයඹ හඬ ප්‍රාදේශීය සේවයේ අධ්‍යක්ෂ ටී. එම්. ගාමිණී සරත් විජේවර්ධන මහතා පැය 32 විනාඩි 25ක කාලයක් එක දිගට දේශනයක් පවත්වා නව ගිනස් වාර්තාවක් තබයි. ඇමරිකානු ජාතික ආචාර්ය ඩොනල්ඩ් තෝමස් මහතා එක දිගට දේශනයක් පවත්වා තබා තිබූ ගිනස් වාර්තාව ඊයේ (20) දින ගාමිණී සරත් විජේවර්ධන මහතා විසින් එසේ බිඳ දමන ලදී.

පෙරේදා (19) දින පෙරවරු 9.00 ට විශ්මිත මිනිසා මිහි මත ආ මග මැයෙන් ගාමිණී සරත් විජේවර්ධන මහතා තම දේශනය ආරම්භ කළ අතර ඊයේ (20) පස්වරු 5.30 වන විට ඔහුට එයට පෙර තිබූ ගිනස් වාර්තාව අභිබවා යාමට හැකි විය.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පෙර තිබූ ගිනස් වාර්තාව ගාමිණී සරත් විජේවර්ධන මහතා බිඳ දැමූ බව මෙහිදී ප්‍රකාශ කළ අතර ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ත්‍රාසජනක ක්‍රීඩා අධීක්‍ෂණ නිලධාරි ඩොනල්ඩ් විජේගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් මේ අවස්ථාව නිරීක්ෂණය කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා