සිරිකොතේ භාණ්ඩාගාරය හිස්

සිරිකොතේ භාණ්ඩාගාරය හිස්

දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයට මූල්‍ය ආධාර සැපයීම අඩු කිරීම නිසා සිරිකොත භාණ්ඩාගාරය හිස් වී ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එ.ජා.ප යට ආධාර සැපයු විදේශ රටවල සිටින ව්‍යාපාරිකයන් රැසක් මේ වන විට එම ආධාර ලබා දීම නතර කර තිබේ.

මෙරට ව්‍යාපාරිකයන් අතරින් මහා පරිමාණ ඇඟලුම් කම්හල් හිමියකු හැර සෙසු පිරිස ආධාර ලබා දීම නතර කර තිබේ.

එම පක්‍ෂයට සම්බන්ධව සේවය කරන විවිධ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමටත් විදුලි, දුරකතන බිල්පත් ගෙවීම ඇතුළු නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්‍ෂ 12කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වෙයි.

ඉදිරියේදී එම නඩත්තු කටයුතු සඳහාවත් ප්‍රමාණවත් මුදල් නැතිවන තත්ත්වයක් ඇති වී තිබෙන බව පැවසේ . එ. ජා.ප යට මුහුණ දීමට සිදුවී ඇති එම මූල්‍ය අර්බුදය පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කර ඇතත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට විසඳුම් ලබා දීමට කිසිදු උත්සාහයක් නොගන්නා බවද පැවසේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා