කිරිපිටි ආනයන බද්ද අඩුවෙයි මිල වැඩි නොවේ

කිරිපිටි ආනයන බද්ද අඩුවෙයි මිල වැඩි නොවේ

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කිරිපිටි ආනයන බද්ද රුපියල් 22/- කින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ. වහාම එය ක්‍රියාත්මක වෙන බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “දිනමිණ” ට පැවැසීය. කිරිපිටි සමාගම් 14 වතාවක් කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබිණි.

එහෙත් පාරිභෝගිකයන් අපහසුතාවට පත්කළ නොහැකි නිසා කිරිපිටි මිල වැඩිකිරීම සිදු නොකොට ආනයන බද්ද අඩු කිරීමට ජනාධිපතිවරයා ඇමැතිවරයාට උපදෙස් දී තිබේ. මේ යටතේ කිරිපිටි සිල්ලර මිළ වැඩි නොවන බව ඇමැතිවරයා තවදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා