ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්ෂමා ආයතනය කළ චෝදනා අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්ෂමා ආයතනය කළ චෝදනා අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

මානුෂීය මෙහෙයුම් පැවැති කාල සමයේ දී ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට එල්ල කළ චෝදනා අමෙරිකාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට අවශ්‍ය වී තිබුණේ කිසිදු සිවිල් වැසියකුට හානියක් සිදු නොවන ආකාරයට මානුෂීය මෙහෙයුමෙන් ජයග්‍රහණය කිරීම බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශක ස්ටීව් හේජස් ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ සෑම් සෆිර් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. මානුෂීය මෙහෙයුම් පැවැති කාල සමයේ දී ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විශාල ප්‍රමාණයක් මියගොස් වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පෙන්වා දී ඇති එම ප්‍රකාශකයා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන්ට වෙඩිතබා මරා දැමූ බවද පවසා ඇත. ශ්‍රී ලංකා රජයේ හමුදාවන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා පියවර ගෙන ඇත්තේ කිසි විටෙකත් සිවිල් වැසියන්ට හානියක් නොවන ආකාරයට බවද හේජස් මහතා අවධාරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා