නොරොච්චෝලේ පළමු අදියර නිමයි

නොරොච්චෝලේ පළමු අදියර නිමයි

මෙගා වොට් 300ක් විදුලිබල පද්ධතියට

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නිපදවෙන මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබන සතියේදී එක් කෙරේ. බලාගාරයේ පළමු අදියර යටතේ මේ ධාරිතාව එක් කැරේ. අදියර තුනක් යටතේ මෙගාවොට් 900 ක ධාරිතාවක් නිපදවිමට සැලසුම් කර තිබෙන මේ ගල්අඟුරු බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 455ක වියදමින් ඉදිවන මෙම බලාගාරය 2014 දි සම්පූර්ණයෙන් ඉදිකර අවසන් කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකාර ඩබ්ලිව්.ඩී.එන්. සර්වියර් මහතා පවසයි. පළවෙනි අදියරේ මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව වසරකට ඒකක මිලියන 2000ක් ජාතික පද්ධතියට එකතුවන බව ද සර්වියර් මහතා වැඩිදුරටත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා