බන්ධනාගාරයට ලක්‍ෂ 20ක අලාභයක්

බන්ධනාගාරයට ලක්‍ෂ 20ක අලාභයක්

අනුරාධපුර බන්ධනාගාරයේ පෙරේදා (24) ඇතිවූ කලහකාරී සිද්ධියෙන් බන්ධනාගාරයට රුපියල් ලක්‍ෂ විස්සක පමණ අලාභ හානියක් සිදු වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය අනාවරණය කරගෙන තිබේ. රැඳවියන් බන්ධනාගාරයේ පුස්තකාලයට, ලොන්ඩ්‍රියට, මුළුතැන්ගෙට ඇතුළු තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.

මේ ගිනි තැබීමෙන් ලොන්ඩ්‍රිය සහ පුස්තකාලය සම්පූර්ණයෙන් ම විනාශයට පත් වී ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පත්කළ පරීක්‍ෂක කණ්ඩායම පෙරේදා (24) රාත්‍රියේ සිට සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අමතරව පොලිසිය ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා