ජපාන විකිරණ සුළඟ හරහා ශ්‍රී ලංකාවට පැමිණ නැහැ

ජපාන විකිරණ සුළඟ හරහා ශ්‍රී ලංකාවට පැමිණ නැහැ

පරමාණු බලශක්ති අධිකාරිය අවධාරණය කරයි

ජපානයේ සිට කිසිදු විකිරණ ද්‍රව්‍යයක් වායුගෝලය හරහා මෙරටට පැමිණ නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය හා පරමාණු බලශක්ති අධිකාරිය ඒකාබද්ධව දිවයින පුරා සිදුකරන ලද පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇත.

මේ හේතුවෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව පර්යේෂකයෝ පවසති. කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල, ත්‍රිකුණාමලය හා යාපනය නගර මූලික කර ගනිමින් මෙම පරීක්‍ෂණ සිදුකර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ (අංශ ප්‍රධානී ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, ආචාර්ය රංජිත් විජේවර්ධන යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් වායුගෝලයේ විකිරණ පරීක්‍ෂාව දෛනිකව සිදුකරනු ලබති.

ජපානයේ න්‍යෂ්ඨික බලාගාර මගින් නිකුත්වූ විකිරණ ද්‍රව්‍ය වායු ගෝලය හරහා මෙරටට පැමිණෙන්නේ නම් ඒ සඳහා සති කිහිපයක් ගතවන බවත් තෝරාගත් ප්‍රදේශවල දෛනිකව විකිරණ පරීක්ෂාවන් සිදුකරන බැවින් මෙරටට යම් විකිරණයක් ඇතුළුවූ සැනින් ඒ පිළිබඳ දැනගැනීමට හැකි බවද අදාළ පරීක්‍ෂණ කටයුතුවල නිරත ආචාර්යවරු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා