ශ්‍රී ලංකා-ජපන් ගුවන් ගමන් අඛණ්ඩව

ජනපති උපදෙසින්

ශ්‍රී ලංකා-ජපන් ගුවන් ගමන් අඛණ්ඩව

ශ්‍රීලංකාවත් ජපානයත් අතර ගුවන් ගමන් සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවන් සේවා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට උපදෙස් දුන්නේය. සුනාමියෙන් ව්‍යසනයට පත් ජපානය අතර පැවැති ගුවන් ගමන් සේවා අතහැර දැමීමට බොහෝ රටවල් පියවර ගෙන තිබේ.

එහෙත් ශ්‍රී ලංකාවේ සුහද මිතුරකු වන ජපානය විපතට පත් අවස්ථාවේ තනි නොකිරීමටත් කළ හැකි සියලු උපකාර කිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඒ අනුව ජපානයත් ශ්‍රී ලංකාවත් අතර ගුවන් ගමන් සේවා කිසිදු බාධාවකින් තොරව විධිමත් අයුරින් පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා