කොළඹ හෝටල් 100කට නගර සභාවෙන් නඩු

කොළඹ හෝටල් 100කට නගර සභාවෙන් නඩු

මාර්තු මස අවසන් වීමට ප්‍රථම කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලා සියයකට නඩු පැවැරීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පසුගිය වසර පුරා පවරා ඇති නඩු 230කට සාපේක්ෂව මෙය බෙහෙවින්ම ඉහළ යාමක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අපිරිසුදු ලෙස ආහාර පිළියෙල කිරීම, ආහාර ද්‍රව්‍යවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම බාල වර්ගයේ ආහාර විකිණීම වැනි හේතූන් මත මෙලෙස නඩු පවරා තිබේ.

මේ වසරේ දී රුපියල් ලක්ෂයකට ආසන්න දඩ මුදල් ප්‍රමාණයක් ගෙවීමට ද වෙළෙඳසල් හිමියන්ට නියම කර ඇති අතර පසුගිය වසරේ දී රු. 275000ක දඩ මුදල් නියම කිරීමට ද අධිකරණය පියවර ගත්තේ ය.

හෝටල්, ආපනශාලා, සිල්ලර වෙළෙඳ සල්, වැනි ආයතනයන්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර ඉදිරියටත් අඛණ්ඩව කොළඹ නගරය පුරා ආහාර වැටලීම් සිදුකිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා