ඩී. ඇස්. සේනානායක ගුණසමරු උළෙල අද

ඩී. ඇස්. සේනානායක ගුණසමරු උළෙල අද

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ 59 වැනි ගුණ සමරු උළෙල අද (22) පස්වරු 4.00 ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ ඩී. ඇස්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් ආරම්භ වන මේ උත්සවයට අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාද එක්වීමට නියමිතය. කොළඹ මහා නගර සභාවේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් මහතා සේනානායක පිළිරුවට මල් මාලා පැළඳවීම සිදු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා