ශ්‍රී ලාංකික තරුණිය ලෙබනනයේ ගොඩනැඟිල්ලකින් වැටී මරුට

ශ්‍රී ලාංකික තරුණිය ලෙබනනයේ ගොඩනැඟිල්ලකින් වැටී මරුට

ලෙබනන්හි ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක එරට රැකියා ඒජන්සියන සිවුවන මහලින් වැටී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අදාළ රැකියා ඒජන්සියට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙන බවත් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ.රුහුණගේ මහතා “දිනමිණ” ට පැවැසීය.

විසිනව හැවිරිදි ඇය පසුගිය ජනවාරි මාසයේ දී ගෘහ සේවය සඳහා ලෙබනනයට ගොස් ඇති අතර ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිය කි. ලෙබනනයේ බාබ්දාද්හිදී මිය ගිය මේ කාන්තාව සම්බන්ධයෙන් දැනටමත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර පරීක්ෂණ අවසන් වූ වහාම ඇයගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා