‘ස්විස්’ මහ ඡන්දයට පළමුවරට ශ්‍රීලාංකිකයෙක්

‘ස්විස්’ මහ ඡන්දයට පළමුවරට ශ්‍රීලාංකිකයෙක්

ලබන මස 3 වැනි දින ස්විට්සර්ලන්තයේ මහ මැතිවරණය සඳහා එරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වූ ඕල්ටනේටිව් පක්ෂයෙන් ඩිකෝන් පළාතට ශ්‍රී ලාංකිකයෙක් තරග කරයි. ශ්‍රී ලාංකිකයකු ස්විස් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙයයි.

ඔහු කොළඹ මරදානේ පදිංචිව සිටි කාමිල් ඉසදීන් ය. මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඉසදීන් මීට වසර 22කට පෙර දී උසස් අධ්‍යාපනය සඳහා ස්විට්සර්ලන්තයට ගොස් ඇත.

එහි දී නිවාස හා දේපළ නීතිය පිළිබඳ උපාධිය ලබාගත් ඔහු දැනට එම අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි. ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජය පිහිටුවීමේ දී පුරෝගාමී මෙහෙවරක් ඉටුකොට ඇත්තේ ද ඉසදීන් බව එරට සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

කොටි ක්‍රියාකාරකම් උත්සන්නව තිබූ අවධියේ දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාව පිළිබඳව ස්විට්සර්ලන්තයේ ගෙන ගිය අසත්‍ය ප්‍රචාර හමුවේ එරට දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අභීතව නැගී සිට ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය එරට බලධාරින් හමුවේ කියා පාන්නට පෙරමුණ ගෙන ක්‍රියා කළවුන් අතර සිටි කාමිල් ඉසදීන් ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. වසර 15 ක පමණ කාලයක සිට ඕල්ටනේටිව් පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කොට ඇති කාමිල් දැනට එම පක්ෂයේ ඩිකෝන් පළාතේ වෘත්තීය සමිති නායකයා ලෙස ද කටයුතු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා