මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලා තරුණියන් 4ක් අත්අඩංගුවට අරන්

විදෙස් සංචාරකයන් ඉලක්ක කර නුවරඑළියේ පවත්වාගෙන ගිය

මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලා තරුණියන් 4ක් අත්අඩංගුවට අරන්

නුවරඑළියට පැමිණෙන විදේශිය සංචාරකයන් ඉලක්ක කැර එම නගරයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගණිකා නිවාසයක් වැටලූ නුවරඑළිය විශේෂ කාර්යාංශය ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැක කරන රුමත් තරුණියන් සිවු දෙනෙකු ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටිමින් ඇතැම් පොලිස් නිලධාරීන්ද නොමග යවමින් කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඉතා සූක්ෂම අයුරින් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවට පොලිස් පරීක්‍ෂණ වලින් අනාවරණය වේ.

ඇඹිලිපිටිය රත්නපුර හා කුරුණෑගල ප්‍රදේශවල රූමත් තරුණියන් සිවුදෙනෙකු හා එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය බවට සැක පිට දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය වසන්ත සමය ඉලක්ක කැර මෙයට ටික දිනකට පෙර මෙම තරුණියන් අදාල ස්ථානයට ගෙනවිත් ඇති බවත් විදේශිය ජාතිකයන් රටවල් අනුව තරුණියන් සඳහා අය කිරීම අදාළ ගණිකා නිවාසය මගින් සිදුකැර ඇති බවත් අනාවරණය වේ.

නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී මතුරට මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළියේ විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුදත් ෆොන්සේකා පොලිස් පරීක්‍ෂක සී. හල්පාගොඩ පොලිස් සැරයන්වරුන් වන ඩී. ගුණසෝම , ආර්. සෝමකීර්ති , ගොඩකුඹුර, පොලිස් කොස්තාපල් දිලීප්, යන නිලධාරීහු මෙම වැටලීම කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා