මවුකිරි සිර වී තෙමස් වයසැති බිලිදා මිය යයි

මවුකිරි සිර වී තෙමස් වයසැති බිලිදා මිය යයි

තෙමසක් වයසැති බිලිඳකු මවුකිරි සිරවීමෙන් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ, කඩුගන්නාව කඩවත්ගම පදිංචි කමල් ජයරත්න (26) සහ නදීකා දිල්රුක්ෂි (22)) යන අයගේ කුළුදුල් දියණියයි.

නිරෝගීමත් දරුවකු බිහිකර දෙන ලෙසට භාර වී තිබූ භාර හාර ඔප්පු කිරීමට පෙරේදා (20දා) පෙරවරුවේ දළදා මාලිගාවටත්, ගැටඹේ විහාරයටත් ගොස් පැමිණි යුවළ රාත්‍රියේ දරුවා සමඟ නින්දට ගොස් ඇත. මව ඊයේ (21) අලුයම 2.00ට පමණ මවුකිරි පොවා බිලිඳා නිදිකරවා ඇති අතර යළි අලුයම 4ට කිරි පෙවීම සඳහා බිලිදා වඩා ගත් විට සිරුර සීතල වී ඇති බව දැනගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කඩුගන්නාව රෝහලේ දිසා වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට ඇති අතර පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක උඩංගමුව මහතා කිරි සිරවීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කොට ඇත.

කඩුගන්නාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා