රාජකාරිය පැහැර හැර මිනිසුන් බියවද්දමින් මහනුවර යකා නැටූ කොස්තාපල් දැලේ

රාජකාරිය පැහැර හැර මිනිසුන් බියවද්දමින් මහනුවර යකා නැටූ කොස්තාපල් දැලේ

පොලිස්පතිවරයාට අයත් මහනුවර පිහිටි නිවසක ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කෙරුණු පොලිස් කොස්තාපල්වරයකු එහි රාජකාරි සඳහා වාර්තා නොකර බීමතින් මහනුවර නගරයේ සිට විවිධ පුද්ගලයන් බියගන්වා කප්පම් ගැනීමට උත්සාහ කළ බවට සැකපිට මධ්‍යම දිසා විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අදාළ විශේෂ රාජකාරිය සඳහා අනුයුක්ත කෙරුණු නිලධාරියා එම රාජකාරිය සඳහා වාර්තා නොකර බීමතින් මෙලෙස කප්පම් ගැනීමට උත්සාහ කැර ඇති බවට තොරතුරු ලැබී ඇත.

පොලිස් නිලධාරියකු බව පවසමින් සිවිල් ඇඳුමෙන් සැරසුණු අයකු බීමතින් නගරයේ සිට විවිධ පුද්ගලයන් බියගන්වා හැඳුනුම්පත් ආදිය පරීක්ෂා කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීහු පිරිසක් මොහු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන් බියගන්වා ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා පිරිස් පිළිබඳව මහනුවර පොලිසියට මෙයට පෙර තොරතුරු රැසක් ලැබී තිබිණි.

අත්අඩංගුවට ගැනුණු නිලධාරියා ද මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධදැයි සොයා පොලිසිය පරීක්ෂණය ආරම්භ කැර ඇත.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා