පේරාදෙණිය මල්වත්ත නරඹමින් සිටි අතරේ වෑන් රථය පැහැරගෙන

පේරාදෙණිය මල්වත්ත නරඹමින් සිටි අතරේ වෑන් රථය පැහැරගෙන

නිට්ටඹුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන පැමිණි ඩොල්ෆින් වර්ගයේ වෑන්රථය පේරාදෙණිය උද්භිද උද්‍යානය අසල නවතා දමා තිබියදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇත.

ඇඟලුම් සේවක සේවිකාවන් පිරිස් උද්භිද උද්‍යානය නැරඹීම සඳහා ගොස් සිටියදී වෑන් රථය සොරාගෙන ඇති බවට එහි රියැදුරු විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කැර තිබේ. රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා වෑන් රථයක් මෙලෙස සොරාගැනීමට ලක්ව තිබේ. ඇඟලුම් සේවක සේවිකාවන් පිරිස් නිට්ටඹුව ප්‍රදේශයේ වෑන් රථයක් කුලී පදනම මත ගෙන ඇති අතර එහි සිටි පිරිස් මහනුවර ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා ගෙනවිත් තිබේ.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජාලිය හීන්කෙන්ද මහතාගේ මෙහෙයවීමෙන් මෙහි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා