සත්හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

සත්හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

හත්හැවිරිදි දැරියකට ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් මැදගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බිබිල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු මාර්තු මස 9 වෙනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස බිබිල මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කෙළේ ය.

රක්ෂිත බන්ධනාගාරගත වූයේ මැදගම නන්නපුරාව තණමල්විල පොලිස් ස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයෙකි. ඔහු දෙදරු පියෙකි. අතවරයට ලක්වූ දැරිය සැකකරුගේ බාල සහෝදරයෙකුගේ දියණියකි. එම දැරිය මොනරාගල දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මැදගම පොලිස් ස්ථානාධිපති ඩී. සී. ද සොයිසා මහතා සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා