ලොරිය පෙරළී රියැදුරු මරුට

ලොරිය පෙරළී රියැදුරු මරුට

කල්පිටිය සිට කොළඹ බලා ගමන් ගත් එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයක් මහවැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීමෙන් එහි රියදුරු සිද්ධිය වූ ස්ථානයේම මිය ගියේ ය.

අනතුරට පත් ලොරි රථය මහත් පරිශ්‍රමයක් යොදා මාර්ගයට ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය-මාරවිල සමූහ

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කල්පිටිය - මුදලප්පාලි ප්‍රදේශයේ පදිංචි අබ්දුල් හනිෆා මොහොමඩ් මින්සාර් යන හතලිස් හැවිරිදි සිව්දරු පියෙකි.

මේ අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් සහයකයින් දෙදෙනා රථයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා