තිදෙනෙක් විවාහක කතක් දූෂ්‍ය කර පලා ගිහින්

තිදෙනෙක් විවාහක කතක් දූෂ්‍ය කර පලා ගිහින්

කැකිරාව පොලිස් වසමේ සේනපුර වේදිනිගම පදිංචි තරුණ විවාහක කාන්තාවක් දූෂණය කර පලාගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

තරුණ කාන්තාව පෙරේදා (01) රාත්‍රියේ තනිවම නිවසේ සිටියදී නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් තිදෙනෙකු විටින් විට ඇය දූෂණය කර ඇය සතුවූ ගෙළ බැඳි මාලයද කොල්ලකා පලාගොස් ඇත.

පසුව සිදුවූ සිද්ධිය දරාගැනීමට නොහැකි වූ කාන්තාව රෝගයක් පාලනය කිරීමට දී තිබූ ඖෂධ අධි මාත්‍රාවක් පානය කර ඇත. ඖෂධ පානය කළ තරුණ කාන්තාව ප්‍රතිකාර සඳහා කැකිරාව රජයේ රෝහලට ඇතුළත් කර තිබේ. කැකිරාව මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා