බිරියට ඇසිඩ් ගසා සැමියා සැඟවිලා

බිරියට ඇසිඩ් ගසා සැමියා සැඟවිලා

පවුල් ආරාවුලක් මත බිරියට ඇසිඩ් ගැසූ සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවි සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ හෙප්පනාව - තලගහකන්ද ප්‍රදේශයේ පදිංචි තිදරු මව බරපතළ තුවාල සහිතව රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

තම සැමියා රාත්‍රියේ නිවසට පැමිණෙන විට කෑම පිස නොතිබුණැයි කෝපයට පත්ව ඇති වූ බහින්බස් වීම දුරදිග යාම නිසා සැමියා විසින් බිරිඳට ඇසිඩ් ගසා ඇති බව පොලිසිය කියයි. ඇය රෝහල් ගතකර ඇත්තේ අසල්වාසීන් විසිනි. කුරුවිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා