කුඩු පැකට් 50ක් ප්‍රවාහනය කළ සැකකරු රිමාන්ඩ්

කුඩු පැකට් 50ක් ප්‍රවාහනය කළ සැකකරු රිමාන්ඩ්

මෝටර් රථය හප්පා පලායන්න හදලා

හෙරොයින් කුඩු පැකට් පනහක් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ සැකකරුවෙකු කොස්ගොඩ පොලිසිය විසින් ඉඳුරුව ගෝනගල රෝහල අසළදී අත්අඩංගුවට ගෙන ඇත.ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරී කණ්ඩායමක් මේ මෝටර් රථය අනතුරක් සිදුකොට පලායන රථයක් බවට සැකකොට නතරකර පරීක්ෂා කිරීමේදී මෝටර් රථය තුළ තිබී මේ හොරොයින් තොගය සොයාගෙන තිබුණි.

මේ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් පනස්දහසක් පමණ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් මෝටර්රථය සහ සැකකරු පොලිසිය වෙත රැගෙනවිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කෙළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බේරුවල මස්සල පදිංචි තාරක් ඩ්නාස් යාකොප්කමිස් අල්කරිය නමැති අයෙකි.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ උපදෙස් මත අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී විරුන්ඩු මහතාගේ මෙහෙයවීමෙන් කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති චන්ද්‍රපද්මලාල් නියෝජ්‍ය ස්ථානාධිපති පී.සී.කේ. රුද්‍රිගු පො. සැ. (33035) රූපරත්න, පො. කො. (78257) කුමාර, පො.සැ.රියදුරු (1474) රම්‍යසිරි යන මහත්වරු මෙම වැටලීමට සහභාගි වූහ. හෙරොයින් ප්‍රවාහනය කළ අය සුඛෝපභෝගී මෝටර් රථය ස්ථානාධිපති චන්ද්‍රපද්මලාල් මහතා ඇතුළු නිළධාරීන් පරීක්ෂා කරන අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා