කොග්ගල මුහුදු තීරයේ විනෝද වෙමින් සිටි විදේශිකයන්ට පහරදී දෙදෙනකුට තුවාල

කොග්ගල මුහුදු තීරයේ විනෝද වෙමින් සිටි
විදේශිකයන්ට පහරදී දෙදෙනකුට තුවාල

කොග්ගල සංචාරක පුරයේදී තවත් විදේශික පිරිසකට සිදුකළ පහරදීමකින් දෙදෙනකු තුවාල ලබා එක් අයකු පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට ඇත.

මේ විදේශික පිරිස සංචාරක පුරයේ කොග්ගල වෙරළ තීරයේ රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිටියදී එහි පැමිණි පුද්ගලයින් දෙදෙනකු පොල්ලකින් හා ටියුබ්ලයිට් කවරයකින් පහැරදීම නිසා එහි සිටි සංචාරකයින් පස් දෙනකුගෙන් එක් අයකු රෝහල්ගත කොට ඇති අතර ඔහු රුසියන් ජාතිකයකු වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා