එකොළොස් හැවිරිදි දියණියට අතවර කළ පියා වසර 10ක් හිරේට

එකොළොස් හැවිරිදි දියණියට අතවර කළ පියා වසර 10ක් හිරේට

එකොළොස් හැවිරිදි තම දියණියට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ පියෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ආර්.ඒ.පී. විජේසිරි ද සිල්වා මහතා විසින් රුපියල් පන්දහසක දඩයක් හා බරපතළ වැඩසහිතව වසර දහයක සිරදඬුවමක් නියම කොට වින්දිත තැනැත්තියට රුපියල් හැත්තෑපන්දහසක වන්දියක් ගෙවන ලෙස නියෝග කෙළේ ය.

දඩය නොගෙවන්නේ නම් ඊට බරපතළ වැඩසහිතව මාස හයක සිරදඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් ඊට මාස නවයක සිරදඬුවමක්ද නියම කැරිණි. මෙසේ දඬුවම් නියම වූයේ වැල්ලවාය හඳපානාගල පදිංචි වතුකාරගේ නන්ද ප්‍රේමසිරි නැමති අයටය.

2001 ජනවාරි මස 13 වෙනි දින ලිංගික තෘප්තියක් ලබා ගැනීම සඳහා තම දියණියට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365(ආ) 2 (අ) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා තිබුණි. රජයේ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා