දරු දෙදෙනාට වස පොවා පියා පලා ගිහින්

දරු දෙදෙනාට වස පොවා පියා පලා ගිහින්

මව මියයාම නිසා මවු සෙනෙහස අහිමි වු දිගන රජවැල්ල ප්‍රදේශයේ දරුවන් දෙදෙනකුට පියා වස පොවා ඔවුන් නිවසේ දමා යාමෙන් අසාධ්‍ය වූ දරුවන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පස් හැවිරිදි පිරිමි දරුවකු හා එකළොස් හැවිරිදි දැරියකට මෙලෙස වස ශරීරගතවීමෙන් ඊයේ (03) ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල කරා ඇතුළත් කරනු ලැබ තිබේ.

වස ශරීරගතවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් දෙදෙනා ප්‍රදේශවාසීන් හා ඥාතීන් රෝහල්ගත කැර ඇති අතර අතුරුදන් වී ඇති දරුවන්ගේ පියා සැකපිට තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම දරුවන්ගේ මව මීට මාස කීපයකට පෙර මියගොස් ඇත.

මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරී එස්. එම්. තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් තෙල්දෙණිය පොලිසියද, පේරාදෙණිය රෝහල් පොලිසියේ සැරයන් ඊ. ඩී. යූ. වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා