වෑන් රථයක හැපී එක් දරු පියා නසී

වෑන් රථයක හැපී එක් දරු පියා නසී

හලාවත - කුරුණෑගල පාරේ පුංචි විලත්තව සමුපකාර ප්‍රාදේශිකය අසල දී වෑන් රථයක හැපීමෙන් පාරේ ගමන් කළ අයෙකු මරුමුවට පත්ව ඇත. (2012.03.01 පස්වරු 3.00ට පමණ) වෑන් රථය කුරුණෑගල දෙස සිට පැමිණ ඇත. වෑන් රථයේ විදේශ සංචාරක යුවලක් ගමන් කර ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ මුගුණුවටවන - පුංචි විලත්තව පදිංචි 33 හැවිරිදි එක් දරු පියෙකු වන එච්. ඒ. ඩී. රොහාන් කුමාර නමැත්තෙකි. හලාවත පොලිසියි වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා