දහසය හැවිරිදි පිරිමි ළමයකුට අතවර කර වසර 2ක් හිරේට

දහසය හැවිරිදි පිරිමි ළමයකුට අතවර කර වසර 2ක් හිරේට

දහසය හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ චූදිතයෙකුට මොනරාගල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.ඒ.පී. විජේසිරි ද සිල්වා මහතා විසින් රුපියල් දසදහසක දඩයක් සමඟ බරපතල වැඩ සහිතව වසර දෙකක සිරදඬුවමක් නියමකොට වින්දිත තැනැත්තාට රුපියල් විසිපන්දහසක වන්දියක් ගෙවන ලෙස නියෝග කළේ ය.

සිර දඬුවම වසර පහකට අත්හිටවනු ලැබීය.  එකී කාලය තුළ දී චූදිතයා සියලු වැරදිවලින් වැළකී සිටිය යුතු බවටත් වැරදි කළහොත් එදින සිට සිරදඬුවම ක්‍රියාත්මක බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා දඩය නොගෙව්වොත් ඊට මාස හයක සිර දඬුවමක් නියම කරන ලදී.

වන්දිය නොගෙවන්නේ නම් මාස හයක කාලයක් තණමල්විල විහාරස්ථානයේ ප්‍රජා සේවය කළ යුතු බවත් එසේ නොකළහොත් මාස හයක සිරදඬුවමක් නියම කැරිණි. මෙසේ දඬුවම් නියම වූයේ තණමල්විල ඇතිලිවැව පදිංචි රළුව කම්කානම්ගේ ධනපාල ගුණසේකර නැමති අයටය. රජයේ නීතිඥ නවරත්න මාරසිංහ මහතා සාක්ෂි මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා