පැල්මඩුල්ලේ වෙළෙඳසල් කිහිපයකට ගින්නකින් හානි

පැල්මඩුල්ලේ වෙළෙඳසල් කිහිපයකට ගින්නකින් හානි

පැල්මඩුල්ල නගරයේ වෙළෙඳ සල් පෙළක් හදිසි ගින්නකින් විනාශයට පත්විය. ඊයේ (2) අලුයම හටගත් මෙම ගින්නෙන් වෙළෙඳසල් හයක් සම්පූර්ණයෙන්ම විනාශ වු බව පොලිසිය කියයි. අලුයම තුනට පමණ ගින්න හටගෙන ඇත. කිසිදු පුද්ගලයකුට හානියක් සිදුවී නැත. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා ඉඩමක පිහිටි වෙළෙඳසලක් මෙලෙස ගින්නට හසුවිය.

මෙම ගින්නෙන් රුපියල් ලක්ෂ 50 කට වැඩි හානියක් සිදුවී ඇතැයි විශ්වාස කෙරේ. ගින්නට හසු වූ වෙළෙඳසැලක රාත්‍රියේ සිටි අයෙකු පැවැසුවේ වෙළෙඳසල් පේළියේ එක් කෙළවරකින් ගින්න පැතිරෙනු දුටු බවයි. වහලය දිගේ ගින්න ශීඝ්‍රයෙන් පැතිරුණු බවක් ඔහු පැවැසුවේය.

රත්නපුර ගිනි නිවන ඒකකය පැමිණ ගින්න පැතිරීම පාලනය කරනු ලැබීය. එසේ නොවුණානම් තවත් වෙළෙඳසල් රැසකට අලාභ හානිවීමට ඉඩ තිබුණි. ගිනි ගැනීමට හේතුව සොයමින් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි. විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි අනුමාන කෙරේ

ඡායා – රත්නපුර දිසා විශේෂ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා