“පරිපූරක වෛද්‍යවරුන්ගේ විරැකියාවට නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හේතු වෙලා”

“පරිපූරක වෛද්‍යවරුන්ගේ විරැකියාවට නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හේතු වෙලා”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව නිසා පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරින් 350 දෙනකු වසර දෙකක් තිස්සේ රැකියා විරහිතව සිටින බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරයි. රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් 1760 දෙනකුගේ පුරප්පාඩු තිබියදීත් මේ උපාධිධාරින් සේවයට ඇතුළත් කර නොගැනීම බරපතල ගැටලුවක් බව එම බලමණ්ඩලයේ සභාපති හරේන්ද්‍ර කුරුප්පු මහතා ප්‍රකාශ කරයි.

මේ උපාධිධාරින් බඳවා ගැනීම සඳහා වසර 2010 දී අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුව මඟින් කිසිදු නිර්දේශයක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් එම බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා කීය.

අමාත්‍ය මණ්ඩල කමිටුවට තොරතුරු ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර තිබෙන කමිටුව ද අක්‍රීය බව හෙතෙම පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා