ශ්‍රී ලාංකිකයකුට ‘ඩුබායි’ අධිකරණයකින් මාස තුනක සිරදඬුවමක්

ශ්‍රී ලාංකිකයකුට ‘ඩුබායි’ අධිකරණයකින් මාස තුනක සිරදඬුවමක්

භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වැරැදිකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට මාස තුනක සිර දඬුවම් නියම කිරීමට ඩුබායිහි අධිකරණයක් තීරණය කර ඇත.

ුබායිහි හෝටල් සේවාදායකයෙකුට අයත් අත් ඔරලෝසුවක් සොරකම් කිරීමේ චෝදනාව මත මේ ශ්‍රී ලාංකිකයා ඇතුළු තිදෙනකුට මෙලෙස සිර දඬුවම් නියම කර තිබේ.

ඩිරාම් 15000ක වටිනාකමින් යුත් අත් ඔරලෝසුවක් සොරකම් කිරීමේ චෝදනාව මත එරට හෝටලයක පිරිසිදු කිරීමේ සේවකයින් තිදෙනකු වෙත මේ සිර දඬුවම් නියම කර තිබෙන අතර එහිදී ශ්‍රී ලාංකිකයාට අමතරව 34 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයකුට හා 21 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුට සිර දඬුවම් ලබාදී ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්කි පැවැතීම නිසා ඩුබායි අපරාධ අධිකරණය මෙසේ සිර දඬුවම් නියම කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා