ඕලු මුව මස් තොගයක් සමඟ 7ක් හන්තාන රක්‍ෂිතයේදී අත්අඩංගුවට

ඕලු මුව මස් තොගයක් සමඟ 7ක් හන්තාන රක්‍ෂිතයේදී අත්අඩංගුවට

හන්තාන රක්ෂිතයේ සතුන් දඩයම් කැරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු ඕලු මුව මස් තොගයක් ද සමඟ පේරාදෙණිය පොලිසිය පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අතර පළාත් පාලන ආයතන මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයකු ද සිටින බව පොලිසිය පවසයි. සැකකරුවන් සතුව තිබී ඩබල් බැරල් තුවක්කුවක්, ජීව උණ්ඩ 5 ක්, යුද හමුදාව භාවිත කරන විදුලි පන්දම් දෙකක්, සමඟ මුව මස් කිලෝ 15ක් පමණ පොලිසිය සොයාගෙන ඇත.

ඵගලහ සිට හන්තාන රක්ෂිතය ආසන්නයට සැකකරුවන් පැමිණ ඇති ත්‍රිරෝද රථ දෙකක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම, යන මහත්වරුන් ගේ උපදෙස් මත පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජාලිය හීන්කෙන්ද, අපරාධ අංශ ස්්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්. නවරත්න, උප පොලිස් පරීක්ෂක වල්ගම්පාය ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත. හල්ඔය ග්‍රාම නිලධාරී මගින් පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් රක්ෂිතයට ඇතුළුවී සතෙකු ඝාතනය කැර එම සතා ගේ මස් වලින් කොටසක් වනය තුළදීම ආහාරයට ගෙන ඇති බවත්, ඒ සඳහා අවශ්‍යය ඉවුම් පිහුම් උපකරණද ඔවුන් සතුව තිබූ බවත් පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා