රෝගීී සේවා කළමනාකරණයට නව පරිගණක මෘදුකාංගයක්

රෝගීී සේවා කළමනාකරණයට නව පරිගණක මෘදුකාංගයක්

රෝගී ප්‍රතිකාර සේවාවන් සහ රෝහල් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා යොදා ගත හැකි නව පරිගණක මෘදුකාංගයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.

HHIMS හෙවත් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය වශයෙන් මේ මෘදුකාංගය නම් කර තිබෙන අතර, මෙය නිදහස් හා විවෘත මෘදුකාංගයක් වීම විශේෂත්වයකි.

මේ මෘදුකාංගය භාවිත කිරීමෙන් කඩදාසි රහිතව වෛද්‍ය වාර්තා තබා ගත හැකි අතර අදාළ පැරණි වෛද්‍ය වාර්තා ඉතා පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි වේ.

නව රෝගීන් ලියාපදිංචිය හා ඔවුන්ට විශේෂිත අංකයක් ලබා දෙන මෙම ක්‍රමයේදී රෝගියෙකු සිය ජීවිත කාලයටම ලියාපදිංචි කළ යුත්තේ එක්වරක් වීම විශේෂත්වයකි.

බෝවන රෝග පිළිබඳ නිවේදන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත විද්‍යුත් තැපැල් මගින් යැවීම, විද්‍යුත් ක්‍රමයට රෝගී පරීක්ෂණ වාර්තා ඇනවුම් කිරීම හා ලබා ගැනීම, ඖෂධ තොග පාලනය ස්වයංක්‍රීයව සිදු කිරීම යන පහසුකම්ද මේ මෘදුකාංගයේ ඇති තවත් පහසුකම් කිහිපයකි.

කරවනැල්ල, තඹුත්තේගම, උඳුගොඩ, කිතුල්ගොඩ සහ දැරණියගල යන රජයේ මේ පරිගණක මෘදුකාංගය සිය කටයුතු සඳහා දැනටමත් යොදා ගෙන තිබෙන බවද නියෝජිතායතනය පවසයි.

http://www.govforge.icta.lk/gf/project/hhims/ වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා