කාසල්රී-මාඋස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

කාසල්රී-මාඋස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

අධික වියළී කාලගුණික තත්ත්වයන් සමඟ ජාතික ජල විදුලි පද්ධතියට ජලය සැපයෙන මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ. කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඊයේ (21) වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 58 හා 55 දක්වා පහත බැස තිබේ.

මේ ජලාශ වලින් විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්‍ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන විදුලි බලාගාර වෙත ජලය සැපයෙයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත් මේ බලාගාර මඟින් ජල විදුලිය නිපදවීම ගැටලු සහගත වන බව විදුලි ඉංජිනේරුවරු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා