ලුණුගලට ගිනි ඇවිළී අක්කර 3000ක් විනාශයි

ලුණුගලට ගිනි ඇවිළී අක්කර 3000ක් විනාශයි

ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දින ගණනාවක් තිස්සේ කඳු ගිනි ගැනීමෙන් අක්කර 3000 ක් පමණ දැවී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

දොරපොද, රිලාඋළු, අලකොළගල, උඩකිරුව, පල්ලකිරුව, පීස්ස, සූරියගොඩ, සෝලන්ස්, හොප්ටන්, මිල්ලබැද්ද, මඩොල්සිම, මැටිගහතැන්න, රෝබේරිය, යන කඳු පන්ති දැවී ගොස් තිබේ.

කඳු ගිනි ගැනීමෙන් කීන, දඹ, මාදම්, කුඩුදවුලා, ටූනා, පතොක් මානම් ශාක විනාශ වී තිබේ. ගිනි ගැනීමෙන් ජල පෝෂක ප්‍රදේශ විනාශ වී තිබෙන අතර වන සතුන්ද මිය ගොස් ඇත.

හොර්ටන් කඳු වැටිය දැනට දින තුනක් තිස්සේ ගිනි ගනිමින් පවතින බවද ප්‍රදේශවාසීහු පැවසුහ.

අලකොළගල, සුරියගොඩ, සහ සෝලන්ස් කඳු ගිනි ගැනීමේ දී ලුණුගල පොලිස් නිලධාරීන් කිහිප වරක්ම නිවා දැවූ බව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. යූ. පී. මානියන්ගම මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා