රජරට නියඟය නිමාවන ලකුණු

රජරට නියඟය නිමාවන ලකුණු

මාස ගණනාවක් තිස්සේ පවතින නියඟයෙන් දැඩි පීඩාවට පත් වී සිටින ‘වැව් බැඳි රාජ්‍යයේ’ ගොවි ජනතාවගේ දෑස්වලට සතුටු කඳුළු නංවමින් රජරට අහස් කුස වැහිවලාවන්ගෙන් බර වී කඩින් කඩ වැසි ඇදහැළෙන්නට පටන් ගෙන තිබේ.

රජරට නියඟය හමාර වී වැසි ඵල ලබා දෙන ලෙස දේව කන්නලව් කරමින් පසුගිය දා රුවන්වැලි චෛත්‍ය ඉදිරිපිට නෙළුම් මල් ලක්ෂයක් පූජා කොට අධිෂ්ඨාන පුජාවක් පවත්වා සර්ව රාත්‍රික ‘වැසි පිරිත්’ සජ්ඣායනාවක් ද පවත්වනු ලැබීය.

ඉන් පසු දින කීපයක් තිස්සේ අනුරාධපුරයේ ගම්මාන රැසකට සුළු වැසි ඇද වැටුණු අතර අද හෙට මහ වැසි ඇද හැළෙන ලකුණු දක්නට ඇත.

දැඩි නියඟයෙන් වැව් අමුණු ඇළ දොළ ගංගා පමණක් නොව ළිං ද සිඳී ජනාව දැඩි දුෂ්කරතාවයකට පත් වී සිටින අතර යල් කන්නයේ ජලය නොමැතිව දා වැටී මැරී යන්නට ආසන්න කුඹුරුවලට ජලය ඉල්ලා රජරට ගොවීහු තැනින් තැන උද්ඝෝෂණවල ද නියැළී සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා