සුහදතාව තහවුරු වන සේ හැසිරීම උතුරේත් දකුණේත් සැමගේ යුතුකමයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 පෙබරවාරි 06 යාපනයේ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ඉංගිරියෙන් ඩෙංගු රෝගීන් 47 ක්

(2012-07-26 13:15)මේ වසරේදී ඉංගිරිය ආශ්‍රිත ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 47 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ඉංගිරිය, ඩෙංගු අවදානම් කලාපයක් බවට පත්ව තිබේ.

විස්තර»

Z -අගය වෙනසින් අසහනයට පත් අයට සරසවි වරම්

(2012-07-26 14:45) ඉසෙඩ් අගයන් වෙනස්වීම නිසා අසහනයට පත් දරුවන් පිළිබද සොයා බලා ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය ලයිස්තු මේ වන විට සකස් කරමින් සිටින බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

සර්බ්‍රිනිකා සමූලඝාතනය සිදුවු ස්ථානයට බැන් කී මූන් යයි

(2012-07-26 10:15) බොස්නියාවේ සතියක සංචාරයක නියැලි ජගත් මහ ලේකම් බැන් කී මූන් සර්බ්‍රිනිකා සමූලඝාතනය සිදුවු ස්ථානය දැක බලා ගැනිමට අද යාමට නියමිතය.

විස්තර»

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් ගින්නෙන් විනාශයි

(2012-07-26 9:00) මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් ගින්නෙන් විනාශ වී තිබේ. මීමින්නන්, හාවන්. කොළදිවියන්, තලගොයන්, ඉත්තෑවන් සහ සර්පයන් වැනි සතුන් විශාල පිරිසක් සිද්දියෙන් මියගොස් ඇත.

විස්තර»

පුද්ගලයන් ඔස්ට්‍රේලියා පටවන ජාවාරමේ ලොක්කා TNA ප්‍රබලයෙක්

මෙවර නැඟෙනහිර ඡන්දෙටත් නම් දීලා

මහ මොළකරු සමඟ තව දෙදෙනෙක් දැලේ

ධීවර යාත්‍රා යොදා ගනිමින් අනවසරයෙන් පුද්ගලයන් ඔස්ට්‍රේලියාවට පිටත් කිරීමේ ජාවාරමේ මහ මොළකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (25) රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

මැතිවරණයට බිය වී උසාවි ගිය එජාපය යළි ඡන්දයට ඉදිරිපත්වීම දෛවයේ සරදමක්

පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.එම්.රංජිත්

මැතිවරණයට බිය වී අධිකරණයට ගිය එ.ජා.පය පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීම දෛවයේ සරදමක් යැයි උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී හා එජනිස අපේක්ෂක එස්.එම්. රංජිත් මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළකෙළේ පසුගිය 24 දා ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පක්ෂ ක්‍රියාකාරින්ගේ රැස්වීමකදී ය.

විස්තර»

දකුණු පළාත් ප්‍රධාන ලේකම් නිල නිවසේ සාදයේදී වෙඩි තැබීමක්

ගාල්ල ලබුදූව දකුණු පළාත් ප්‍රධාන ලේකම් නිල නිවාසයේ පැවති දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සාදයකින් පසුව එම ස්ථානයේ වූ වෙඩි තැබීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

විස්තර»

‘රසඳුන’ කර්තෘ ‘සිළුමිණ’ සමකර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිදුකුල මහතා සිය ගෘහස්ථ සිනමා පුස්තකාලය ලේක්හවුස් ආයත‍නයට ඊයේ (25) නිල වශයෙන් පරිත්‍යාග කළේය. ඔහු විසින් සම්පාදනය කරන ලද ‘පික්චර් පිස්සා’ කෘතිය දොරට වැඩීමේ උත්සවයේදී මීට අදාළ නිල ලිපිය මිහිදුකුල මහතා ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙ‍නරත් මහතා වෙත පිරිනැමූ අවස්ථාව. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනි මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - රංජිත් අසංක

කුමාරතුංග මුනිදාස සූරීන්ගේ 125 වැනි ඡන්ම සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (25) පැවැත්විණි. කුමාරතුංග මුනිදාස පදනම මගින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල සාහිත්‍යය විෂය සඳහා දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනමන කුමාරතුංග මුනිදාස සිසුවරම ශිෂ්‍යත්වය මෙවර දිනාගත් මීගමුව නිව්ස්ටඩ් බාලිකා මහා විදුහලේ අයෝධ්‍යා රත්නායක ශිෂ්‍යාවට ජනාධිපතිතුමන් අතින් පිරිනැමු අයුරු. ඡායාරූපය - චන්දන පෙරේරා

 

මාස හය තුළ පුරා වස්තු හොරකම් කෙරූ
හාරසිය පනස් දෙදෙනෙකිය නිදහන් හොරූ
දඩය එක්කෝටි දස ලක්ෂයකි ඉන් ගැරූ
උණු කදුළු සලනවා ලක් මෑණියන් ගරූ

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast