ඔලිම්පික් සමාරම්භක උත්සවයට ‍ඩේවිඩ් බෙකම් එක්වෙයි

ඔලිම්පික් සමාරම්භක උත්සවයට ‍ඩේවිඩ් බෙකම් එක්වෙයි

මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ පාපන්දු ඉසව්වට සහභාගි වන එංගලන්ත කණ්ඩායමට ඇතුලත් නොවූවද හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවයට තමා සහභාගිවන බව සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ප්‍රකාශ කළේය. එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායකයා වන බෙකම්ට ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දී සැළකිය යුතු තරමේ කාර්ය භාරයක් ඇතිබව මීට පෙර තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති පවසා තිබිණි.

සමාරම්භක උත්සවයට සහභාගිවීමට ලැබීම ගෞරවයක් බව 37 හැවිරිදි බෙකම් පැවැසීය‍.

එමෙන්ම සමාරම්භක උත්සවයට සහභාගිවීමට සංවිධායක කමිටු සභාපති කළ ඇරියුමෙන් තමා දිරිමත් වූ බවත්, ඒ පිළිබඳ ආඩම්බර වන බවත් ඔහු පැවැසීය‍. මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායම්වල ප්‍රබල සාමාජිකයෙකු වූ බෙකම් වර්තමානයේ දී අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ගැලැක්සි කණ්ඩායම නියෝජනය කරයි.

තහනම් උත්තේජනවලට වැට බඳී

මීට පෙර පැවැති ඔලිම්පික් තරගාවලට වඩා මෙවර තරගාවලියේ දී තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් හසුවනු ඇතැයි ‍ලෝක තහනම් උත්තේජන විරෝධී ඒජන්සියේ ප්‍රධානී ජෝන් ෆා‍හේ පැවැසීය. පසුගිය ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා ගතවූ මාස 6ක කාලය තුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික සංඛ්‍යාවක් තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනාවට හසුවී ඇතැයි හෙතෙම අනාවරණය කළේය. 'මෙවර තරගාවලියේ දී අපිට අන් කවරදාටත් වඩා තහනම් උත්තේජන භාවිතා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට හැකිවේවි.

ඒ වගේම මීට පෙර පැවැති ඔලිම්පික් තරගාවලිවලට වඩා මෙවර තහනම් උත්තේජන භාවිතා කිරීමේ ප්‍රතිශතය අවම කරගැනීම අපේ අරමුණයි.' ෆාහේ පැවැසීය‍.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා