ශ්‍රී ලාංකික 200කට ඉරාකයේ රැකියා වරම්

ශ්‍රී ලාංකික 200කට ඉරාකයේ රැකියා වරම්

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දෙසීය දෙනකුට ප්‍රථම වරට ඉරාකයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

අමෙරිකානු ඩොලර් 1,10,000 සිට 5,00000 දක්වා වාර්ෂික වැටුපක් ඔවුන්ට හිමි වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති සේනක අබේගුණවර්ධන මහතා පවසයි.

හෝටල් සහ වෙනත් ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක් මගින් සම්මුඛ සාකච්ඡාවට ලක් කළ තරුණ තරුණියන් දහසකට අධික පිරිසක් අතුරින් මේ පිරිස තෝරාගෙන ඇත.

අනාගතයේදී තව තවත් තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා උදාකර ගැනීමට සැලසුම් කර ඇතැයි ද අබේගුණසේකර මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා