මැද පෙරදිග විශාලතම හා පැරණිම රසායන අවි තොගය සිරියාවේ

මැද පෙරදිග විශාලතම හා පැරණිම රසායන අවි තොගය සිරියාවේ

සිරියානු රජය තමන් සතුව ඇතැයි ප්‍රථමවරට පිළිගෙන ඇති රසායන අවි තොගය මැද පෙරදිග රටවල් සතු විශාලතම මෙන්ම පැරණිම රසායන අවි තොගය බව අනාවරණය වී ඇතැයි යුද විශේෂඥයෝ පවසති.

කෙසේවෙතත් එහි පරිමාණය කෙතෙක්ද යන්න පිළිබඳව මොවුන් අතර එකඟතාවක් නැත .

තම රට ආක්‍රමණය කළහොත් රසායනික අවි භාවිත කරන බවට සදුඳා බෂා අල් අසාද් ප්‍රකාශ කිරිමත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාව අතර මහත් ආන්දෝලනයක් පැන නැඟිනි.

තම රට වැසියන්ට එරෙහිව මේ අවි පාවිච්චි නොකරන බවට අසාද් ප්‍රතිඥා දී තිබේ .

රසායනික අවි ප්‍රඥප්තියට සිරියාව ඇතුළත් වි නැතත් රසායනික සහ ජීව අවි පාවිච්චි කිරීම පිළිබඳ ජිනීවා ප්‍රඥප්තියට ඇතුළත් වි ඇත .

එහෙත් එම ප්‍රඥප්තියේ රසායනික අවි නිෂ්පාදනය, ගබඩා කිරීම සහ ප්‍රවාහනය සම්බන්ධ කොන්දේසි එම ප්‍රඥප්තියේ ඇතුළත් වී නැත .

සිරියාවේ රසායන අවි වැඩසටහන ඊජිප්තුවේ සහාය ඇතිව දියත්කර ඇත්තේ 1970 දශකයේ දීය. ඉන් අනතුරැව 1990 දසකයේ දී ඒ සඳහා රුසියාවේ සහාය ලබාගෙන තිබේ .

අද වන විට ඉතාම නවින සහ ප්‍රබල විස සහිත රසායනික අවි සිරියාව සතුව ඇයි වාර්තා වේ .අලිප්පෝ ,ඩැමස්කස් ,හමා , හොම්ස් සහ ලටාකියා නගර වටා ප්‍රබල රසායනික අවි ගබඩා කර ඇතැයි අමෙරිකන් කොංග්‍රස් පර්යේෂණ සේවායතනය ප්‍රකාශ කරයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා