ෂර්මා ගැන පරීක්ෂණයකට තවමත් ප්‍රමාද නෑ

ICC ය ඉල්ලීමක් කළොත්

ෂර්මා ගැන පරීක්ෂණයකට තවමත් ප්‍රමාද නෑ

මහාචාර්ය අර්ජුන ද සිල්වා

ජගත් ක්‍රිකට් කවුන්සිලය ඉල්ලීමක් කළහොත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ෂර්මා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න පරීක්ෂණයකින් තහවුරු කර ගැනීම දැන් වුවද ප්‍රමාද නොමැති බව ජාතික තහනම් උත්තේජන කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වරද ඔප්පු වූ රාහුල් ෂර්මා දැන් ඉන්දීය පිල සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයට එක්ව සිටින හෙයින් ක්‍රිකට් ලොව මතභේදයක් හටගෙන ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නිමාවූ එක්දින තරග දෙකටම රාහුල් ෂර්මා එක්නොකිරීමට ද එරට ක්‍රිකට් කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා