මෙරටට සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණයි

මෙරටට සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණයි

- ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

2016 වසර වනවිට මෙරටට සංචාරකයින් මිලියන 2.5ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ සඳහා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට රජය විවිධ උපායමාර්ග යොදා ඇති බව හෙතෙම සඳහන් කළේය.

මේ වසරේ ගතවූ මාස 06ක කාලය තුළ සංචාරකයින් ලක්ෂ 4ක් පමණ පැමිණ ඇති බවත්, ඉදිරි මාස 04ක කාලය තුළ සංචාරකයින් ලක්ෂ 9 1/2ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සංචාරක ක්ෂේත්‍රය සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින බව කී අමාත්‍යවරයා, නව කාමර ඉදිවෙමින් සංචාරක ව්‍යාපාරයට විශාල ආයෝජනයක් සිදු කර තිබෙන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘හික්කා’ 2012 වෙරළ සැණකෙළි භූමියේ ඉදිකිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය (24)දා එක්වෙමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා