පළාත් සභා ඡන්දයත් සමඟ තුනට බෙදී තිබූ එජාපය දැන් හතරට කැඩිලා

පළාත් සභා ඡන්දයත් සමඟ තුනට බෙදී තිබූ එජාපය දැන් හතරට කැඩිලා

කණ්ඩායම් තුනකට බෙදී ගොස් තිබූ එජාපය උතුරුමැද, සබරගමු හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය හමුවේ රනිල්, සජිත්, කරු හා ෆොන්සේකා ලෙසින් කණ්ඩායම් හතරකට මේ වන විට බෙදී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

රනිල්, සජිත් හා කරු ලෙසින් බෙදී තිබූ එජාපයේ කණ්ඩායම් ප්‍රථම වරට මෙම මැතිවරණය හරහා ෆොන්සේකා හිතවාදී කණ්ඩායම වශයෙන් ද කණ්ඩායමකට බෙදී ඇත. මෙලෙස එජාපය කණ්ඩායම් හතරකට බෙදී තිබුණද කරු කණ්ඩායම හා ෆොන්සේකා කණ්ඩායම ඉතා සමීපව ක්‍රියා කිරීමට මේ වන විට සැලැසුම් කැර ඇත.

පුත්තලම, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රී කණ්ඩායමක් මෙලෙස එජාපය තුළ සිට ෆොන්සේකා කණ්ඩායම මෙහෙයවීම සිදුකරනු ලබන එම කණ්ඩායමේ සියල්ලන්ම සජිත් පාර්ශ්වය නියෝජනය කළ පිරිස් වේ.

මේ අතර කරු හා ෆොන්සේකා කණ්ඩායම් සමීපව ක්‍රියා කිරීම තුළ සජිත් පාර්ශ්වය හා ඔවුන් අතර මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. මේ නිසා ඉදිරියේදී ෆොන්සේකා හා කරු පාර්ශ්වයන්ගේ සහයකින් තොරව තනිවම ක්‍රියා කරන බව සජිත් පාර්ශ්වයේ ප්‍රකාශකයකු “දිනමිණ” ට කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා