හෝමාගම ඩිපෝවේ ඉවත දැමූ ටයර්වල ඩෙංගු මදුරු කීටයෝ

හෝමාගම ඩිපෝවේ ඉවත දැමූ ටයර්වල ඩෙංගු මදුරු කීටයෝ

ඩිපෝ කළමනාකරුට දඩ

හෝමාගම ඩිපෝවේ ඉවත දැමූ පරණ ටයර් රැසක ඩෙංගු මදුරු කීටයන් සිටීම සම්බන්ධයෙන් ඩිපෝ කළමනාකාරවරයාට රුපියල් හත්දහස් පන්සීයක දඩ මුදලක් ගෙවීමට හෝමාගම අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් වයි. ආර්. ඩී. නෙළුන්දෙණිය මහතා නියෝග කෙළේය.

ඉවත දමන ලද පරණ ටයර් තිහකට අධික සංඛ්‍යාවක මදුරු කීටයන් සිටි බව වැටලීම් සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු අධිකරණය හමුවේ සඳහන් කෙළේය.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වන ජී. පී. එච්. පී. මංජුල (ගලවිලවත්ත), වජිර දසනායක මහත්වරු වැටලීම කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා