බාල වයස්කරුවන්ට නවාතැන් දෙන සංචාරක නිකේතනවලට වැඩ වරදී

බාල වයස්කරුවන්ට නවාතැන් දෙන සංචාරක නිකේතනවලට වැඩ වරදී

බාල වයස්කාර ළමයින් සඳහා නවාතැන් පහසුකම් ලබාදෙන සංචාරක නිකේතනවල හිමිකරුවන්ට සහ එහි පාලන අධිකාරියට විරුද්ධව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධව චක්‍රලේඛනයක් මගින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී පළමුව ගෙස්ට් හවුස්, නවාතැන් පොළවල අයිතිකරුවන් හා සේවකයන් දැනුවත් කෙරේ.

නවාතැන්පොළකට යම් යුවළක් පැමිණි විගස කාන්තාවගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කළ යුතු බවත්, එසේම කාන්තාව බාලවයස්කාර දරුවකු ලෙස පෙනෙන්නේ නම් ඒ බව වහාම පොලිස් ස්ථානය වෙත දැනුම් දිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය. එසේ නොකළහොත් එය ළමා අපචාරයකට අනුබල දීමක් වනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා