ඉංගිරියෙන් ඩෙංගු රෝගීන් 47 ක්

ඉංගිරියෙන් ඩෙංගු රෝගීන් 47 ක්

(2012-07-26 13:15)මේ වසරේදී ඉංගිරිය ආශ්‍රිත ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 47 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ඉංගිරිය, ඩෙංගු අවදානම් කලාපයක් බවට පත්ව තිබේ.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයීය වාර්තාවලට අනුව ඉංගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් ඩෙංගු රෝගීන් 14 ක්ද, පෝරුවේදණ්ඩෙන් රෝගීන් 13 ක්ද, හඳපාන්ගොඩින් 20 ක්ද ලෙස රෝගීන් වාර්තා වී ඇත.

හඳපාන්ගොඩ ප්‍රදේශයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නොමැති නිසා ඉංගිරිය සහ පෝරුවේදණ්ඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටම හඳපාන්ගොඩ ප්‍රදේශයේද වැඩ බැලීමට සිදුවීමෙන්, ඔවුන් රාජකාරිමය වශයෙන් මහත් පීඩනයකට පත්ව ඇති අතර හඳපාන්ගොඩ ඩෙංගු රෝගීන් ඉහළ අගයක් ගැනීමට මෙය යම් අයුරකින් බලපා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා